ජීවිතයේ නිමේශය 🌿

 🍃 දුරුතු සීතලත්  

උණුසුම්කල , 

මහමෙරකට බර 

කදුළු කැටිති ,

අවසර නොලබාම 

නෙතු අගිස්සෙන්  ,

                රූරා යද්දීත් ...........

මොහොතක් සිතන්න , 

කටු අකුලක පිපි

පුංචිම මල් කැකුළකට 

                 පවා.......

තමාගේම  , 

සරත් සමයකුත්,

වසන්තයකුත්, 

උරුමයි... 

                   සත්තයි,  

කවදා  හෝ 

නවාතැනකදී ...

            හමුවෙයි . 

 සොදුරු නිමේශයක් ,

එයයි ඔබ ලුහුබැදි ,      

                ☘️☘️ ඔබේම ජීවිතය..☘️☘️.  



                                                     🖊️..නිශානි..

         



Comments

Post a Comment

Popular posts from this blog

නෙළුම නුඹ,,

...වීදීයේ තනිවූ...