Posts

නෙළුම නුඹ,,

Image
                            පියකරුය වත කමල..                පිරිසිදුය පෙති අතර..                ගුම් නගන බඹර කැල..                 පින්සාර සිත් පතන..    මඩ ගොහොර.. මැද පිපුනු.         සොදුරු සුදු නෙළුම නුඹ..,  ඒ ගොහොරුවෙන් මිදී. දියතලය සුවද කර.,  කෙලෙස පිපුනෙහිද නුඹ ,  මේ තරම් පිවිතුරුව.,,,,                                    🖊️..නිශානි..

...වීදීයේ තනිවූ...

Image
  නෙත ගැටුනි දිනයක.,  වැහැරුණු කඩමලු අතරින්.,  අව්‍යාජ සිනහවක්.,  නැත ඔවුන් සන්තක , හිසට සෙවණක් ,  කුසට අහරක් ,  ඔවුන්ගේ නොවූ.........        ඔවුනටම අත්වූ........... මේ බියකරු යතාර්තය ,  කාගේ වරදක්දැයි                නොදනී.....   එහෙත්,  වේදනාවේ කදුළු අතරින් සිනාසෙයි.     ඒ ළපටි කිරිදත් ....                                               🖊️..නිශානි..

ජීවිතයේ නිමේශය 🌿

 🍃 දුරුතු සීතලත්   උණුසුම්කල ,  මහමෙරකට බර  කදුළු කැටිති , අවසර නොලබාම  නෙතු අගිස්සෙන්  ,                 රූරා යද්දීත් ........... මොහොතක් සිතන්න ,  කටු අකුලක පිපි පුංචිම මල් කැකුළකට                   පවා....... තමාගේම  ,  සරත් සමයකුත්, වසන්තයකුත්,  උරුමයි...                     සත්තයි,   කවදා  හෝ  නවාතැනකදී ...             හමුවෙයි .   සොදුරු නිමේශයක් , එයයි ඔබ ලුහුබැදි ,                       ☘️☘️ ඔබේම ජීවිතය..☘️☘️.                                                        🖊️..නිශානි..